සි E

පරමාර්ථ ප‍්‍රකාශය

කැලණිය ප‍්‍රාදේශීය සභාව ග‍්‍රාම සේවා වසම් 30 කින් සමන්විත වේ.

මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම.

මහජන උපයෝගිතා සේවා පවත්වාගෙන යාම.

පොදු මංමාවත් පිළිබඳ සියළු කටයුතු විධිමත් කිරීම.

මහජනයාගේ පහසුකම් හා සුඛවිහරණ කටයුතු පවත්වාගෙන යාම.

පරිසර අලංකාරය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

පාලනය හා පරිපාලන කටයුතු කිරීම.

මෙම සභාව වෙත පැවරී ඇති වගකීම් සම්භාරය වේ.එබැවින් සභාවේ අරමුණ වන්නේ ව්‍යවස්ථාපිත උක්ත වගකීම් නීත්‍යානුකූලව සහ වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමයි. ඉහත අරමුණු ඉටු කරගැනීම සඳහා පහත පරමාර්ථ ඉටු කර ගත යුතු වේ.මෙම සභාව වෙත පැවරී ඇති වගකීම් සම්භාරය වේ.එබැවින් සභාවේ අරමුණ වන්නේ ව්‍යවස්ථාපිත උක්ත වගකීම් නීත්‍යානුකූලව සහ වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමයි. ඉහත අරමුණු ඉටු කරගැනීම සඳහා පහත පරමාර්ථ ඉටු කර ගත යුතු වේ.

ප‍්‍රාදේශීය සභා පනත අනුව පැවරී ඇති ලිඛිත නීති වල විධිවිධානයන් ක‍්‍රියාත්මක කිරීම.

වෙනත් ලිඛිත නීතීන් යටතේ ඇති විධිවිධානයන් ක‍්‍රියාත්මක කිරීම.

බෝවන රෝග සහ වසංගත ඇතිවීම වැළැක්වීම.

සෞඛ්‍ය, අධ්‍යාපනය, මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම.

අන්තරාදායක හා අවිධිමත් වෙළඳ ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීම.

විකිණීමට තබා ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ තත්ත්ව පාලනය ඇති කිරීම.

මහා මාර්ග, කාණු, පදික වේදිකා, බෝක්කු, දිය අගල් ආදිය ඉදිකිරීම හා නඩත්තු කිරීම.

ගොඩනැගිලි හා ස්ථිර ඉදිකිරීම් විධිමත් කිරීම හා පාලනය කිරීම.

පොදු වෙළඳපොලවල් පිහිටුවා පවත්වාගෙන යාම.

වීථි ආලෝක සැපයීීම.

සුසානභූමි හා ආදාහනාගාර පවත්වාගෙන යාම.

උද්‍යාන හා එළිමහන් ස්ථාන පවත්වාගෙන යාම.

පුස්තකාල සේවා පවත්වාගෙන යාම.

ළදරු පාසල් හා ප‍්‍රජාශාලා පවත්වාගෙන යාම.

ක‍්‍රීඩා පිටි ඇති කිරීම හා පවත්වාගෙන යාම.

විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම.

පාරිසරික පවිත‍්‍රතාවය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.

මහජන සුඛවිහරණය සඳහා ප‍්‍රාදේශීය සභා පනතේ ඉඩදී ඇති සීමාව තුළ අවශ්‍ය කටයුතු සැලසීම

ප‍්‍රාදේශීය හා ජාතික සංවර්ධනයට අවශ්‍ය සහය බස්නාහිර පළාත් සභාවට හා මධ්‍යම ආණ්ඩුවට ලබා දීම.

ප‍්‍රාදේශීය ජනතාව ගෙවන බදු මුදලේ ප‍්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබා දීම