බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද්දා වූ ඓතිහාසික කැලණි පුණ්‍ය භූමියෙහි අතීතය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසටත් එපිට විහිදෙයි. මහාවංශට අනුව ශී‍්‍ර ලාංකික ආදිවාසීන් අතුරෙන් කැලණිය ප්‍රදේශය ජනවාස කොටගෙන ඇත්තේ නාග ගෝත්‍රිකයන් බව කියවේ. බුදුන් කල මෙම ප්‍රදේශය පාලනය කරන ලද චූලෝදර හා මහෝදර යන නාග ගෝත්‍රිකයින් දෙපළ අතර මැණික් පුටුවක් අරඹයා ඇති වූ සටන සංසිඳවීම පිණිස මණිඅක්ඛිත නාගරජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණිය පිං බිමට වැඩම කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනය වූ අතර එකී මැණික් පුටුව නිධන් කොට කැලණි විහාරයේ වන මහා සෑය ඉදිකළ බව කියවේ. කැලණිය ප්‍රදේශයට ශී‍්‍ර ලංකාවේ අද්විතීය ස්ථානයක් හිමිව ඇත්තේ ඓතිහාසික කැලණි විහාරය හේතුවෙනි.
එමෙන්ම ශී‍්‍ර ලංකාව එක්සේසත් කළ රජවරුන් අතර සුවිශේෂි ස්ථානයක් හිමි වන දුටුගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය කැලණිය පාලනය කළ කැලණි තිස්ස රජුගේ දියණිය බවත් වංශ කතාවන්හි කියවේ. ශී‍්‍ර ලාංකීය ඉතිහායේ ඉතා වැදගත් ස්ථානයක් වූ කැලණි නදිය ආශි‍්‍රතව මුල්ම ආර්යය ජනාවාස බිහිවූ බවට ඓතිහාසික සාධක ඇත. එමෙන්ම කෝට්ටේ යුගයේ රචිත සැළලිහිණි සංදේශයෙහි ම`ග වැනුමෙහි කැලණි පුරවරයේ ශී‍්‍ර විභූතිය මොනවට පැහැදිලි කරයි. ඒ අනුව, කැලණිය සිංහල සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්කල ද වැදගත් ස්ථානයක සනිටුහන් වී ඇත.
වර්තමාන බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ අධිකාරි පත්තුවට අයත් ප්‍රදේශය මුහුදු මට්ටමින් අඩි 12 ත් 15 ත් අතර උසකින් යුතු වූ සෙල්සියස් අංශක 28 ත් 30 ත් අතර උෂ්ණත්වයකින් යුතු මි.මි.400 ක් පමණ වාර්ෂික වර්ෂාපතනයක් ඇති පහත රට තෙත් කලාපයට අයත් වර්ග කිලෝ මීටර් 20 ක් පුරා පැතිරුණු ප්රදේශයකි. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය හා උතුරු නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම පළාත හා වයඹ පළාත් සම්බන්ධ කෙරෙන ප්‍රධාන දුම්රිය මාර්ගය වැටී ඇත්තේ ද මෙම ප්‍රදේශය හරහාය.
දකුණින් කැලණි ගඟ ද , උතුරින් වත්තල නගර සභාව හා මහර ප්‍රාදේශීය සභාවද, නැගෙනහිරින් බියගම ප්‍රාදේශීය සභාවටද, බටහිරින් වත්තල නගර සභාව හා පෑලියගොඩ නගර සභාවට ද, මායිම්ව පිහිටි කැලණිය බල ප්‍රදේශය, වගුරු බිම් වලින් යුත් තැනිතලා ප්රදේශයකි. අතීතයේදී සරුසාර කෙත්වතු වලින් සහ පොල් වතු වලින් යුත් ප්‍රදේශයක් වුවද වර්තමානයේ කාර්මීකරණය හා අධික ජනගහණයෙන් යුක්ත වීම නිසා කාර්මික, වෙළඳ හා ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වී තිබේ.