සි E

සංස්ථාපනය

1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනතේ 2 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් සහ 4 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති

බලතල ප‍්‍රකාර පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස වන මම මෙම නියමයෙන්,

මෙම උපලේඛනයේ පළමු වන කොටසේ විස්තර කරන ලද ප‍්‍රදේශය එකී පනතේ කාර්යය සඳහා ප‍්‍රාදේශීය සභා ප‍්‍රදේශයක් විය යුතු යැයි ප‍්‍රකාශ කරමි.

එම උපලේඛනයේ 2 වන කොටසේ දක්වා ඇති සීමා ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ පරිපාලන සීමා ලෙස නියම කරමි.

මෙම නියමයේ (1* වන ජේදය යටතේ ප‍්‍රකාශයට පත් කරන ප‍්‍රාදේශීය සභා ප‍්‍රදේශය සහ ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කොට ඒ ප‍්‍රාදේශීය සභාවට පහත සදහන් නාමය පවරමි.

කැලණිය ප‍්‍රාදේශීය සභාව සභාපතිවරයෙකු, උප සභාපතිවරයෙකු සහ තවත් තෝරා පත් කරගත් සභිකයින් 20 දෙනෙකුගෙන් සමන්විය යුතු යැයි නියම කරමි.

ආර්.පේ‍්‍රමදාස,

පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය

1987 මැයි මස 11 දින