ඓතිහාසික වටිනාකමක් ඇති කැලණිය පුරවරය සමාජ, ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් ශ්‍රී ලංකාව තුළ සුවිශේෂීත්වයක් හිමිකර ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ මානව ශිෂ්ටාචාරයේ ඇරඹුම පිළිබඳව සාකච්ඡා විමේදී කැලණි පුරය ප්‍රධාන වන්නේය. බුදුරජාණන් වහන්සේ පාද ස්පර්ශය ලත් කැලණිය රජමහා විහාරයද සුකොමල කැලණි ගංගාවද ප්‍රදේශයේ පෞඪත්වය තවදුරටත් ත්‍රීව්‍රර කරවයි. මෙවැනි සමාජ හර පද්ධතියකින් ගොඩනැගී ඇති කැලණිය බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය හා සමාජ ආර්ථික ප්රගමනය විෂයෙනි. ප්‍රාදේශීය සභාව මඟින් ඉටුකරන කාර්යය කාර්තව්‍ය ප්රබලව ඉවහල් වේ. බල ප්‍රදේශයේ ජිවත්වන ජනයාට ප්‍රශස්ථ හා ඉහළ ජීවන තත්ත්වයක් ගොඩනැගිමට අවශ්‍ය කරන වටපිටාවක් සකස් කරදීම මාගේ ප්‍රධාන අරමුණ වේ. භෞතික සැලසුම්, සෞඛ්‍ය සේවා පොදු උපයෝගිතා කෙරෙහි අවධානය යොමු කරමින් කාර්යය මණ්ඩලය දැක්ම හා මෙහෙවර කරා රැගෙන යාම කැලණිය බස්නාහිර පළාත තුළ දිදුලන ප්‍රාදේශීය සභාවක් බවට පත් කිරීම මාගේ අපේක්ෂිත වේ.
ලේකම්,
කැලණිය ප්‍රාදේශීය සභාව.