සි E

ව්‍යාපෘති

දළුගම්ගොඩ පුස්තකාලය මගින් අඩු අදායම්ලාභී දරුවන් සදහා නොමිලේ පරිගණක පුහුණු පාඨමාලාවක් පැවත්විම . ( මේ සදහා අයදුම්පත් කැලණිය ප්‍රාදේශීය සභාව මගින් ලබා ගත හැක.)

කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිටින වකුගඩු රෝගීන්ට හිමොඩලෂිස් රුධිර පරීක්ෂණය සදහා මාසික මුදලක් පිරිනැමීමේ සුව සරණ වැඩසටහන.

කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජිවත්වන වයස අවුරුදු 70 ට වැඩි අඩු අදායම් ජේෂ්ඨ පුරවැසියන් සදහා සහනාධාර මලු බෙදා දීමේ වැඩසටහන.

කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජිවත්වන ආබාධිත සහිත වුවන් සදහා රු. 5000.00 ක මුල්‍යමය පරිත්‍යාගයක් ලබා දීමේ වැඩසටහන.

බල ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් උදෙසා ස්වයංරැකියා පුහුණු පාඨමාලාවක් වශයෙන් රූපලාවන්‍ය පාඨමාලා පැවැත්වීම .

බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 30 නියෝජනය කරමින් බල ප්‍රදේශයේ කාන්තාවන් 30 දෙනකු සදහා මහන මැෂින් බෙදා දීමේ ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.